දේශපාලන අර්බුදයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළ ද ඊට සාර්ථක ප්‍රතිචාර නොලැබීම නිසා රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය බාරගෙන කටයුතු කිරීමට ඇයුම් කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡා සාර්ථක වීම නිසා ඉදිරි සති කිහිපය තුළ ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන පසුබිම නිර්මාණ වී ඇති බවත් එහි දැක්වෙයි.
ඉන්ධන, ගෑස් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් බවත් පවතින තත්ත්වය දින කිහිපයක් තුළ විසඳන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (8) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.