සිපෙට්කො සේවක විරෝධතාවක්..! අමාත්‍යංශ ලේඛම් නිවාස අඩස්සියේ…!

June 27, 2022 at 6:18 pm | by emanisa.lk

ඉන්ධන පිරවුම්හල් විදේශීය සමාගම්වලට ලබාදීමට කර ඇති යෝජනාවට විරුද්ධය දක්වමින් ඛනිජ සංස්ථාවේ සේවකයන් පිරිසක් කොළඹ 7, මල් පාරේ පිහිටි බලශක්ති අමාත්‍ය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (27) පස්වරුවේ පැවැත්වූහ.

එහි දී එම විරෝධකරුවෝ බලශක්ති අමාත්‍යංශ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණගේ වාහන වට කර පසුව අමාත්‍යංශයේ පරිශ්‍රයේ ඔහු සිරකර ගත්හ.

ඉන් පසුව අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ විරෝධතාකරුවන්ට සාකච්ඡාවක් ද ලබා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *