සිංහලයින් යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බා කියන වෙල්ලාලයෝ අපේ පාසල් 16ක් ගිනි තිබ්බා..! – අරුණ් සිද්ධාර්තන්….

February 5, 2024 at 2:41 pm | by emanisa.lk

උතුරේ සාමාන්‍ය ජනතාව දකුණේ ජනතාව සමග එකට ජීවත් කිරීමට, ඒකට වැඩ කිරීමට කැමති බව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුණ් සිද්ධාර්ත් පව

ඔහු පෙන්වා දෙන්නේ සිංහලයින් යාපනේ පුස්තකාලය පිච්චුවේ යැයි තුවක්කු අතට දී තමන් යුද්ධයට යොමු කළ වෙල්ලාල නායකයින් අඩු කුළයේ ජනතාවගේ දරුවන් ගිය පාසල් 16ක් ගිනි තබා විනාශ කළ බවයි.

එපමණක් තමන්ට අධ්‍යාපන අයිතිය ලබා නොදුන් වෙල්ලාල නායකයින් අවුරුදු 250ක් තමන්ට ඉඩම් අයිතිය ලබා නොදුන් බව ද අරුණ් සිද්ධාර්තන් සඳහන් කරයි. එසේම 1956 දක්වා තේසවලාමේ නීතිය යටතේ උතුරේ කුලහීන ජනතාව වහල්භාවයට පත්කොට තිබූ බව ද හෙතෙම පෙන්වා දෙයි.

1956 බණ්ඩානායක මහතා කුලවාදයට එරෙහි පනතක් ගෙන එනතුරු තමන්ට අධ්‍යාපන අයිතිය ද නොලැබුණු බවයි, අරුණ් සිද්ධාර්තන් සඳහන් කළේ.

එදා ලංකා හමුදාවට එරෙහිව සටන් කළ කොටි සාමාජිකයින් අද සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වන්නට කැමති වන අතර පිටරටවල සහ කොළඹ ජීවත් වන පිරිසක් උතුරු නැගෙනහිර සිය නිජබිම යැයි කෑ ගසමින් ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

උතුරු නැගෙහිර සිය නිජබිම යැයි කෑ ගසන මේ පිරිස සිය නිජබිමේ පදිංචියට නොඑන්නේ මන්දැයි අරුණ් සිද්ධාර්තන් ප්‍රශ්න කරයි. සංහිඳියාව කිසිවෙකු ඇති නොකළ යුතු අතර ඊට බාධා නොකර සිටීම ප්‍රමාණවත් බව ද හෙතෙම කීය. ඊයේ යාපනේ පැවැති නිදහස් දින සැමරුමට එකතු වෙමින් හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *