සිංහරාජ හෝටලය මටත් අයිතියි..! එය ඉදිකිරීම නිත්‍යානුකූලයි…! – රෝහිත රාජපක්ෂ ..

August 30, 2022 at 6:29 am | by emanisa.lk

සිංහරාජ රක්‍ෂිතයට මායිම්ව සූරියකන්ද ගොන්ගල ප්‍රදේශයේ පිහිටා ඇති හෝටලය ඉදිකර ඇත්තේ හවුල්කාරිත්වයක් සහිත තමන්ට අයත් ඉඩමක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුත් රෝහිත රාජපක්‍ෂ සදහන් කරයි.

අදාළ හෝටලය ඉදිකර ඇත්තේ සියලුම නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසු බව ද ඔහු සිරස රූපවාහිනිය වෙත පවසා ඇත.

එම ක්‍රියාවලියේ යම් වරදක් සිදුවී ඇත්නම් අධිකරණ ක්‍රියාවලියක් හරහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටී.

තහවුරු කළ නොහැකි අසත්‍ය චෝදනා නැගීම සම්බන්ධයෙන් තම පාර්ශව විසින් ගන්නා නීතිමය ක්‍රියාමාර්ග යන්ට මුහුණ දීමට සූදානමින් සිටින ලෙස ද රෝහිත රාජපක්ෂ මහතා චෝදනා නගන පාර්ශවයන්ට ද දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *