සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම කඩිනම් කරන්න…! – ජනපති දැනුම් දෙයි…

November 16, 2022 at 8:19 pm | by emanisa.lk

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

අද (16) පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසටය.

ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එම සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *