සාම්පූර් හැදුවා නම් විදුලි බිල මේ විදිහට ඉහළ යන්නේ නෑ…! – ආචාර්ය තිලක් සියඹලාපිටිය…

March 6, 2023 at 7:31 pm | by emanisa.lk

ආසියාවේ දෙවන ඉහළ ම විදුලි මිල ඇත්තේ ලංකාවේ බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසයි.

ඒ සඳහා පාලකයින් සතුව විසඳුම් නොමැති බවට ද ඔහු චෝදනා කරයි.

මෙගාවොට් 500ක් ගනු ලබන්නේ ඉන්ධන මගින් බවත් ඒ ප්‍රමාණය සාම්පූර්වලින් පැමිණෙන්නට නියමිතව තිබුණ නමුත් එය ක්‍රියාත්මක නොවූ බවත් ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ වයඹ ශාඛාව හා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය එක්ව සංවිධානය කළ වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *