ස්වාධීන පොලිස් කොමිසම බුදි…! පොලිස් පොඩ්ඩාට ඇමැතිගෙන් කිලිනොච්චියට මාරුවක්…!

December 8, 2022 at 5:32 pm | by emanisa.lk

මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ පොලිස් කොස්තාපල් සුරංග දිනාල් පෙරේරාට දේශපාලන බලපෑම් මත කිලිනොච්චියට ස්ථාන මාරුවක් ලැබී ඇතැයි වාර්තා වෙයි.

මෙම පොලිස් නිලධාරියා අපක්ෂපාතීව කටයුතු නොකරන හෙයින් ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි කමල් චන්දන විසින් එහි ආසන සංවිධායක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ලිඛිතව ඉල්ලා තිබුණි.

අනතුරුව ඇමැති බන්දුල ගුණවර්ධන සිවිල් ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් සිදුකළ ඉල්ලීමක් අනුව එම පොලිස් නිලධාරියා කිලිනොච්චියට මාරු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *