සම්බන්ධන්ට විපක්ෂ නායක නිල නිවස සින්න වෙයි.. විපක්ෂ නායකකම නැතත් වසර 08ක් නිල නිවසේ…!

April 4, 2024 at 11:47 am | by emanisa.lk

හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින බව වාර්තා වේ.

ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක් කල් පාවිච්චි කිරීම සඳහා මෙම නිවෙස ලබාදී ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව විසිනි.

සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ද පසුගිය කාලයේදී ඉවත්වු අතර දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණි.

ඉකුත් 2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් පසු ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවෙස ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *