සමගි බලේ අබේසිංහටත් රංජන්ගේ ඉරණම….? පොහොට්ටුවෙන් CIDයට පැමිණිල්ලක්….!

March 7, 2021 at 12:28 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ බවට අශෝක් අබේසිංහ කර ඇති ප්‍රකාශයට එරෙහිව ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් මෙලෙස අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (07) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේය. මෙම ප්‍රකාශයට එරෙහිව දැඩි පියවර ගත යුතු බවට සමාජ මාධ්‍යවල දැඩි හඬක් නැඟිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *