සබ්මැරිනය යෝධ මාළුවෙක් කිහිප වරක් හපා ගිල දැම්මා….!

June 24, 2023 at 8:45 am | by emanisa.lk

අත්ලන්තික් සාගරයේදී විනාශ වූ සබ්මැරීනය කිලෝ මීටර් 12 000ක් දිග විශාල මාලුවෙක් ගිල දමන්නට ඇතැයි ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා විසින් පවසන බව භික්ෂූන් වහන්සේ නමක් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් පවසති.

මෙම සබ්මැරිනය දෙතුන් පාරක් හපා දමා දමා ගිල දමන්නටත් ඇති බවත් එම යෝධ මාළුවාට ටයිටැනික් නැව වුවත් ගිල දැමීමට හැකියාව තිබිය හැකි බවත් එම භික්‍ෂූන් පවසන්නේ යයිද උන්වහන්සේ අනාවරණය කරති.

එම භික්‍ෂූන් අනුව අංගුත්තර නිකාය අනුව සඳහන් කරන ආකාරයට එතරම් විශාල සත්ත්වයන් මුහුදු පතුලේ සිටින බව ද උන්වහන්සේ පැවසූහ.

කෙසේ වෙතත් තම පෞද්ගලික මතය නම් මෙම යානය විනාශ වූයේ ගැඹුරු මුහුදු පතුලේ ඇති අධික පීඩනය නිසා බව ද උන්වහන්සේ තව දුරටත් එහි දී කියා සිටියහ.

වීඩියෝව https://web.facebook.com/watch/?ref=embed_video&v=219238611041800

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *