සජිත්ලා කෙහෙළියට විශ්වාසභංගයක් ගේන්නේ ආණ්ඩුව ශක්තිමත් කරන්න…!

July 17, 2023 at 1:31 pm | by emanisa.lk

මේ වන විට ආණ්ඩුව තුළ බරපතළ අභ්‍යන්තර අර්බුදයක් ඇතැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, විපක්ෂය මේ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංගයක් ගෙනැවිත් ආණ්ඩුව නැවත සමගි කිරීමට කටයුතු නොකළ යුතු බවයි.

පසුගිය ආණ්ඩුව සමයේ තමන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒම නිසා අවසානයේ සිදුවූයේ ආණ්ඩුවේ නායකයින් එකතු වූ පක්ෂය තුළ පැවැති බෙදීම් නැති කොට සමගි කිරීම බව ද උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

එහෙයින් විපක්ෂය ගෙදර වැඩ නොකර ආණ්ඩුව ශක්තිමත් කිරීමට විශ්වාසභංග නොගෙන ආ යුතු බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *