සජිත්ගේ හොරකම් විතරක් හොයන එක සදාචාර විරෝධියි…! – කෝප් කමිටුවට සජබ විරෝධය…

November 25, 2022 at 3:10 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගනුදෙනු පමණක් කෝප් කමිටුව මගින් විමර්ශනය කිරීමට විරෝධය පළකර තිබේ.

කෝප් කමිටුව නියෝජනය කරන සමගි ජන බලවේග මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කළේ සජිත් ප්‍රේමදාස සමයේ සංස්කෘතික අමාත්‍යංශ ලේකම්වරයා පමණක් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ඇයි ද යන්නය.

එයට පෙර එහි සේවය කළ ලේකම්කරුවන් කැඳවා නැත්තේ මන්දැයි ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කළේය.

සජිත් ප්‍රේමදාස ඇමැති සමයේ නිසි අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 10500ක් අවභාවිතය සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මේ යටතේ එක් සමරු ඵලයක් නිර්මාණය කිරීම සඳහා පමණක් රු. මිලියන 03ක් වියදම් කොට ඇති බව අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *