සංහිඳියාව ගොඩනඟන්න අලුත් කවුළුවක්…! දෙමළ ඩයස්පෝරාව අටමස්ථාධිපති නාහිමි හමුවට..!

June 3, 2023 at 8:22 am | by emanisa.lk

කැනඩා දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වන රෝයි සාමදානම් අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ජාතික සංහිදියාව ගොඩ නැංවීමේ වැඩ පිළිවෙළ පිළිබඳව ඊයේ ( 01) දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද එකතු විය.

මෙරට යුධ ගැටුම් පැවැති සමයේ රට හැර ගිය ජනතාව සමග සංහිදියාව ඇති කර ගැනීමේ අවශ්‍යතාවයත්, නැවත එවැනි ගැටුම් ඇතිවීම වළක්වා ගනිමින් සමගියෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීම සහ සාමය ගොඩ නැගීමේ කටයුතු විධිමත්ව කර ගෙන යාමේ අවශ්‍යතාව රෝයි සාමදානම් විසින් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *