බෞද්ධයන්ගේ පරම පූජනීය ශ්‍රීපාදය ශිව පාදම් කරන යෝජනාවත් අනුමතයි..

March 7, 2019 at 10:26 am | by admin

මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානයේ නාම පුවරුව ශිව පාදම් ලෙස වෙනස් කිරීමට තිරණය කර තිබේ.

මේ වන විටත් ඒ සඳහා එම ස්ථානයේ නාමපූරුවක් ඉදිකිරීම ආරම්භකර ඇත. මින් පෙර මෙම ප‍්‍රදේශය අයත්ව තිබුණේ බහුතර බෞද්ධ ජකතාවක් වෙසෙන අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට වන අතර, මෙවර ෆයිසර් මුස්තාපා යටතේ සීමා නිර්ණය කිරීමේදී මෙම ප‍්‍රදේශය මස්කෙලිය ප‍්‍රාදේශීය සභාවට හිමි විය.

වසර 2000 කට වැඩි කාලයක් ලෝකවාසී බෞද්ධයන් විසින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ස්පර්ශය ලබූ පූජනීය ස්ථානයක් වශයෙන් සලකන ශ‍්‍රී පාදයෙහි ඵෙතිහාසික වටිනාකම නොසලකා මෙම නම වෙනස් කිරීම සිදුකර ඇති බව පෙනේ.

ප‍්‍රාදේශීය සභා බල සීමාවකට අයත් වුවද ජාතික හා ආගමික වශයෙන් වැදගත් බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වැනි පුදබිමක නම එසේ වෙනස් කිරීමට ප‍්‍රාදේශීය සභාවකට හැකිනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 9 වන වගන්තියෙන් බුදු දහමට පිරිනමා ඇති ප‍්‍රමුඛතාව කුමක්දැයි ප‍්‍රශ්නයක් පැන නගී.

2018 වසරේ පැවති පලාත් පාලන මැතිවරණයේ දී මස්කෙලිය ප‍්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග‍්‍රසයෙන් මන්තී‍්‍රවරු 7 දෙනෙකුත්, එක්සත් ජාතික පක්ෂයෙන් මන්තී‍්‍රවරු 7 ක් ද,පොදුජන පෙරමුණෙන් 1 මන්ත‍්‍රීවරයෙකු ද තේරීපත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *