ශ්‍රී ලංකාව IMF කොන්දේසී ඉටු කරයි…! තවත් ඉතිරි 08යි…!

July 17, 2023 at 2:30 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන යටතේ ඉටුකළ යුතු කොන්දේසිවලින් 33ක් ජුනි මාසය අවසන් වන විට සම්පුර්ණ කර ඇති බව වෙරිටේ රිසර්ච් විශ්ලේෂණ ආයතනය පවසයි.

තවත් කොන්දේසි 08ක් සපුරාලීමට අපොහොසත් වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එහෙත් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1% දක්වා ඉහළ නැංවීම, ඔට්ටු තැබීමේ සහ සූදු ක්‍රීඩා සඳහා බදු ඉහළ නැංවීම, රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීම සහ නව දූෂණ මර්දන පනත බලාත්මක කිරීම වැනි කොන්දේසි ශ්‍රී ලංකාව ඉටුකර නොමැති බව එම ආයතනය පෙන්වා දෙයි.

පසුගිය මාර්තු මාසයේ 02 වැනිදා අනුමත කෙරුණු මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වැඩසටහනේ හඳුනාගත් කොන්දේසි 100ක් වෙරිටේ රිසර්ච් මඟින් මෙලෙස සිය සමීක්ෂණයට භාජනය කර ඇති අතර සැප්තැම්බර් මස යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ඉන් 71%ක් සපුරාලිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *