ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 100ක ණය වාරිකයක් ගෙවයි..!

September 2, 2023 at 8:46 am | by emanisa.lk

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරු පහසුකමට අදාළ දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100ක් ගෙවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාසයේ දී මෙම විනිමය හුවමාරු ණය පහසුකමෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණි.

ඉතිරි ඩොලර් මිලියන 50ක මුදල මෙම වසර තුළ ගෙවීමට ඇති බව බංගලිදේශ මහ බැංකු විධායක අධ්‍යක්ෂ Mesbaul Haque පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *