ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ කොටසක්..! – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු..

February 13, 2024 at 11:31 am | by emanisa.lk

කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන්තොටුපළ පරිපාලනය ඉන්දියානු සමාගමක් වෙත ලබා දෙන බව සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

මෙරට සූර්ය බල ව්‍යාපෘති සහ තෙල් ටැංකි ද ඉන්දියානු සමාගම් මගින් ලබා ගෙන ඇති බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

ඉන්දියානු විදේශ කටයුතු ලේකම්වරයා සිය රට වැසියන්ට සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගන්නා ලෙස දැනුම් දුන්නේ ඒ නිසා බව ද ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඉන්දියානු සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *