ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටුණේ යුද අපරාධකරුවන්ට දඬුවම් නොකළ නිසයි…! – මිෂෙල් බැචලේ…

September 7, 2022 at 4:44 pm | by emanisa.lk

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්වලට දඩුවම්දීමේ ක්‍රමයක් නොමැති වීම, ආර්ථිකයට සිදුකළ අපරාධ සහ වංචා දුෂණය ශ්‍රී ලංකාව කඩා වැටීමට මුල් වූ කරුණු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි බැචලේ අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 13 ක් ගත වී ඇතත් අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්වල වින්දිතයන් තවමත් යුක්තිය ලැබෙන තෙක් සහ සත්‍ය හෙළි වන තෙක් බලා සිටින බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කවුන්සිලයේ 51වෙනි සැසිවාරය එළඹෙන 12 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර එකසත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (06) ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව නිකුත් කළේය.

ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන් වගවීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකාවේ නව සහ පොදු දැක්මක වැදගත් ආරම්භක ලක්ෂ්‍යයක් බව මානව හිමිකම් වාර්තාවේ සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *