ශ්‍රී ලංකාවට IMF අනුමැතිය….!

March 20, 2023 at 10:39 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා හෙට දිනයේ දී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මෙරට වේලාවෙන් හෙට උදෑසන 08.00ට පැවැත්වීමට නියමිතය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තුතිය පළ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *