වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන්ගේ සිංහල ජනසංහාර ජිහාඩ් මෙහෙයුමේ තවත් රහස් එළියට! තරුණ සිංහල මව්වරු වඳකරන මහ කුමන්ත්‍රණයක් රටපුරා රෝහල්වල! – මහචාර්ය වෛද්‍ය චන්න ජයසුමන හෙළිකරයි.. (video)

May 26, 2019 at 8:39 am | by admin

සිසේරියන් සැත්කම් 8000ක් කළ බව කියන වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන්ට සිංහල බෞද්ධ කාන්තාවන් තෝරාගෙන වන්ද්‍යකරණයට ලක්කිරීමේ චෝදනාවට අමතරව තවත් චෝදනා රාශියක් එල්ල වී ඇති බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසයි. මොහු සිංහල කාන්තාවන් වඳ කරන බවට නැඟෙන චෝදනාව කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෛද්‍යවරුන් සහ රෝහල් සේවකයන් අතර ප්‍රසිද්ධ රහසකැයි හෙතෙම හෙළි කරයි.

කුරුණෑගල රෝහලේ දරු ප්‍රසූතියට පැමිණි මවකගේ ඇඳ ඉහපත වෙනස් කර දරුවා මාරු කීමේ චෝදනාවට ඔහු දැනටමත් වැරදිකරු වී තිබේ. එසේම සිසේරියන් සැත්කම මගින් දරුවන් තිදෙනෙකු ලැබූ මවකගේ ජීවිත අවධානම සලකා LRT සැත්කම සිදුකළ ද මෙම වෛද්‍යවරයා මුස්ලිම් කාන්තාවන්ට එම සැත්කම නොකර එසේ කළේ යැයි බොරු වාර්තා සැකසූ බව ද හෙළි වී තිබේ.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩින් මෙන්ම අන්තවාදී වෛද්‍ය පිරිසක් සංවිධානාත්මක ලෙස තරුණ සිංහල මව්වරුන් වඳ කිරීමේ සැලසුමක් රට පුරා රෝහල් ආශ්‍රිතව සිදු කරන බවට තොරතුරු හෙළි වී ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි. මෙම වෛද්‍යවරයා පිළිබඳ මෙයට පෙර රෝහල් සුළු සේවකයන්, හෙද නිලධාරීන් සහ වෛද්‍යවරුන් පැමිණිලි කළ ද ඒවා පිළිබඳ කිසිදු පරීක්ෂණයක් නොකර යටපත් කර ඇති බව ද එසේ පරීක්ෂණ යට ගැසීම පිළිබඳ ද පරීක්ෂණයක් කළ යුතු බව වෛද්‍ය චන්න පවසයි.

මේ ආකාරයට ෂාෆි ෂිහාබ්ඩීන්ගෙන් හෝ එවැනි වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගෙන අසාධාරණයට ලක් වූ මව්වරුන් සිටී නම් වහාම පෙරට එන ලෙසත් ඒ පිළිබඳ කරුණු හෙළි කරන ලෙසත් වෛද්‍ය චන්න ජයසුමන ඉල්ලා සිටියි. එසේම මේ ආකාරයට ජාතියක අනාගතයය විනාශ කළ වෛද්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහුගේ දේපළ රාජසන්තක කර සහ තවුහිද් ජමාත් සංවිධානයේ දේපළ ද විකුණා ලබා ගන්නා මුදල් එකතු කර මේ අසාධාරණයට ලක් වූ මවකට රු. මිලියන 100ක වන්දියක් ලබා දිය යුතු යැයි හෙතෙම අවධාරණය කරයි.

එසේම මෙම අකටයුතුකම් ගැන තමන් දන්නා සියලු තොරතුරු රටට හෙළි කිරීමට මේ රටට ආදරය කරන වෛද්‍යවරුන් කටයුතු යුතු යැයි හෙතෙම ඉල්ලා සිටියි. එසේම මෙම වෛද්‍යවරයාගේ මුදලට යට වූ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ඔහු බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව ද වෛද්‍ය චන්න හෙළිකරයි.

මෙම සිදුවීම පුවත්පතක් මගින් වාර්තා කළ විට එය අවඥාවට ලක් කළ අනුර දිසානායක, කරූ ජයසූරිය ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් ද රාජ්‍ය නොවන සංවිධානවල පිරිස් ද තව දුරටත් එම පරීක්ෂණවලට බාධා නොකළ යුතු බව ද වෛද්‍ය චන්න ජයසුමන ඉල්ලා සිටියි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *