වෘත්තීය සමිති මාෆියාවට ජනතා පෙළන්නට ඉඩ නොදෙනු..! ප්‍රතිත්‍රස්ත පනත වහාම බලාත්කමක කරනු..!

April 5, 2023 at 9:55 am | by emanisa.lk

වෘත්තීය සමිති මාෆියාවෙන් තව දුරටත් ජනතාවට බැට කන්නට ඉඩ නොදී වහාම ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

2019 වසරේ 69 ලක්ෂයක ජනතා කැමැත්තෙන් ජනාධිපතිවරයෙක් පත්කරගත්තේද එවැනි වෙනසක් වීමේ බලාපොරොත්තුවෙන් බවයි, වෛද්‍ය බෙල්ලන සඳහන් කළේ එහෙත් එය ඉටු නොවූ අතර දැන් හෝ එය ඉටු විය යුතු බව ඔහු කියා සිටියේය.

මේ අතර ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස තවත් වෘත්තීය සමිති 72ක් සමඟ සාකච්ජා කර තිබෙන බව ද වෛද්‍ය බෙල්ලන මෙහිදී ප්‍රකාශ කළේය.

ජනතා ද්‍රෝහී නොවී ජනතාවාදී වෘත්තීය සමිති සංස්කෘතියක් ඇති කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සැදී පැහැදී සිටින බවයි, ඔහු වැඩිදුරටත් පැවසුවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *