වෘත්තීය සමිති මහා වැඩ වර්ජනයක් කැඳවයි..! විදුලිය තෙල් සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා වෙයි…!

February 18, 2023 at 4:57 pm | by emanisa.lk

විදුලි බලය ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ජනතාව වෙනුවෙන් එම සේවා කාර්යක්ෂමව පවත්වා ගෙන යෑමේ අරමුණින් ඉහත ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ උපයන විට ගෙවන බද්දට එරෙහිව රාජ්‍ය අංශයේ සේවකයින් මාර්තු 01 වෙනිදා මහා වැඩ වර්ජනයක් සැලසුම් කර ඇති පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *