විල්පත්තුව වන විනාශය ගැන විගණකාධිපති කියන්නේ බොරු! හමුදාව එළිකළ කැළේ ඔප්පු පෙන්නලා ජනතාව පදිංචි වුණා!

April 5, 2019 at 11:55 am | by admin

සිලාවතුර ප්‍රදේශයේ  වනය හෙළි කළේ ආරක්ෂක අංශ බවත් පසුව එහි මුල් පදිංචිකරුවන් ඔප්පු පෙන්වා පදිංචි වූ බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එම ප්‍රදේශවල පිටස්තර පුද්ගලයන් පදිංචි කර නොමැති බවත්, විල්පත්තුවේ වනය හෙළි කිරීම ගැන විගනකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව තමන් පිළි නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

විල්පත්තු වන විනාශයක් යැයි කියමින් මේ වන විට පවතින කතිකාවත පසුපස වැල්ලවත්තේ දේශපාලඥයෙක් සහ ව්‍යාපාරිකයෙක්ද සිටින බව ඔහු අනාවරණය කළේය.

ඒ හරහා මුස්ලිම් හා සිංහල ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරන බවත් ප්‍රකාශ කළ ඇමතිවරයා තමන් වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම සහාය දෙන බවද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස