විල්පත්තුව ගැන මාධ්‍ය සංදර්ශන තියන්න තරම් අද රටේ මාධ්‍ය නිදහසක් තියෙනවා! යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ වන විනාශය ගැන මම වාර්තාවක් ඉල්ලුවා!

March 25, 2019 at 6:54 am | by admin

මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සන්දර්ශන පැවැත්වෙන බවත් ඒ නිසා යහපාලන ආණ්ඩුව යටතේ කොතරම් ප්‍රමාණයක් වනය විනාශ කර තියනවාද නැද්ද පිළිබදව සවිස්තරාත්මක වාර්තාවක් ජනතාවගේ දැනගැනිම සඳහා ලබා දෙන ලෙස තමන් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබා දෙන ඒ වාර්තාව ගැන කතා කරන්න පුළුවන්. දැන් මහ ලොකුවට විල්පත්තුව ගැන මාධ්‍ය සන්දර්ශන තියනවා. ඒවාට බොහෝ අවස්ථාවල දේශපාලන න්‍යාය පත්‍රයන් තියනවා. රජයට විරුද්ධව මඩ ගහනවා. නමුත් අපි කවුරුත් මරලත් නැහැ මරන්නෙත් නැහැ. සම්පුර්ණ මාධ්‍ය නිදහස තියනවා. මෙවැනි ප්‍රජාතත්න්‍රවාදි රටක් දකුණු ආසියාවේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස