විදුලි සේවක බෝනස්, මහා වැටුප් වර්ධක අත්හිටුවයි…!

December 21, 2023 at 7:29 pm | by emanisa.lk

ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් සඳහා මෙම වර්ෂයේ දී ප්‍රසාද දීමනා හෝ අනෙකුත් දීමනා ලබා නොදීමට තීරණය කර ඇත.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මේ බව දැනුම්දී තිබේ.

එමෙන්ම වසර 03 කට වරක් සිදුකරනු ලබන 25% ක වැටුප් වර්ධක ද ක්‍රියාත්මක නොකරන ලෙසට ඇමැතිවරයා විසින් වැඩි දුරටත් උපදෙස් ලබාදී ඇත.

එසේම ලංවිම නිලධාරීන්ට ගෙවා ඇති විවිධ දිරි දීමනා සහ දීමනා පිළිබඳව තොරතුරු හා නිලධාරීන් කුලී පදනම මත ගෙන ඇති වාහන සහ කුලී ලෙස ගෙවන මුදල් ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද විෂයභාර ඇමැතිවරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *