විදුලි අර්බුදයෙන් බලාගාර හිමියන් බිලියනපතියන් කරන්න ආණ්ඩුව සූදානම්! වසර පහක් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගන්න ඇමති රවීගෙන් යෝජනාවක්!

April 10, 2019 at 2:39 pm | by admin

පෞද්ගලික අංශයෙන් වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් ඇමැති රවී කරුණානායක විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ තමන්ට මෙම පත්‍රිකාව ලැබුණේ ඊයේ (8) පස්වරුවේ බැවින්, ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට කිරිමට කාලය අවශ්‍ය බවය. ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ලබන 23 වැනි දාට කල් දමා ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (9) පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

රටේ වැඩි වන විදුලි අවශ්‍යතාවට සරිලන සේ බලාගාර ඉදි නොකිරීම සහ සූර්ය විදුලි බලාගාර සඳහා අනුමැතිය ලබා නොදීම ඔස්සේ විදුලි අර්බුදයක් ඇති කිරීමේ මූලික අරමුණ මේ ආකාරයට වැඩි මිලට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලයට ගැනීම බවට එම ක්‍ෂ්ත්‍රය පිළිබඳ ප්‍රවීණයෝ චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස