විජේකලා අවුරුදු 50 පැන්න හිතවතුන්ටත් අයට ගුරුපත්වීම් දීලා! තව ඇමතිවරු තිදෙනෙක් හිතවතුන් 400කට දෙන්න යනවා! – ලංකා ගුරු සංගමය ජනපතිට කියයි..

July 1, 2019 at 3:48 pm | by emanisa.lk

දේශපාලන හිතවත්කම් මත අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදීමට සූදානම් වන පත්වීම් වහා අවලංගු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමය පවසයි. ඉදිරියේදී ඇමතිවරුන් තිදෙනෙකුගේ ලැයිස්තුවලට ගුරුපත්වීම් 400ක් ලබා දීමට සූදානම් වන බව හෙතෙම හෙළිකළේය.

පසු ගිය 28 වෙනිදා විජේකලා මහේෂ්වරන් අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්වෙච්ඡා ගුරු පත්වීම් 1118ක් ලබා දුන් බවත් ඒ අතර අවුරුදු 50 ඉක්මවු පිරිසක් ඉන්නා බවත් ලේකම්වරයා පැවසීය.

මෙවැනි පත්වීම් ලබා දුන් විට සිදුන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට එහි ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (30) මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *