වැඩ වර්ජනය ත්‍රස්තවාදයක් කියන ප්‍රතිත්‍රස්ත පනත පරාජය කළ යුතුයි..! – අගරදගුරු…

April 5, 2023 at 10:30 am | by emanisa.lk

යෝජිත ත්‍රස්ත විරෝධි පනත හරහා දේශපාලන පක්ෂ පවා තහනම් කිරීමට හැකි බැවින් එය ඉතා භයානක පනතක් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ අවධාරණය කළේ, එම කෙටුම්පත පරාජය කිරීමට රට පිළිබඳව හැඟීමක් ඇති සියලු දෙනා එක්විය යුතු බවය.

“2023 ත්‍රස්ත විරෝධී පනත පසුගිය මාර්තු 17 වනදා ගැසට් කරන්න යෙදුණා. ඒකේ අර්තකථනය කිරීමේ බලය ගොඩක් දුරට දීලා තියෙන්නේ පාලනය කරන අයට. මේ පනතේම කොටසක තියෙනවා මිසලේනියස් ඕඩර්ස් කියලා. ඒකෙන් සම්පූර්ණයෙන්ම ජනාධිපතිගේ අතට තමයි නීතියේ බලය දීලා තියෙන්නේ.

ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ බලය එතුමාට පවරලා තියෙනවා. එතකොට දේශපාලන පක්ෂයක් තහනම් කරන්න පුළුවන්. ඒ පක්ෂය ත්‍රස්තවාදී වැඩ කරනවා කියලා මවලා ඒක තහනම් කරන්න පුළුවන්. මේ පනත ගේන්නේ විරෝධතා පාලනය කරන්න කියන එකට තමයි අපිට හිතා ගන්න පුළුවන්.

මේ පනත අත්‍යවශ්‍ය සේවාවලට බාධා කිරීම 3.2.F, මහජන සොඛ්‍ය සේවා අනතුරට දැමීම 3.2.H, මහජනතාවගේ ආරක්ෂාවට බාධා කිරීම හා නිත්‍යානුකූල නොවන රැස්වීම් පැවැත්වීම 3.2.L, ත්‍රස්ත ක්‍රියා ලෙස හඳුන්වා තිබෙනවා. රැස්වීම් තියන්න, වර්ජන කරන්න බැහැ එවැනි ක්‍රියා ත්‍රස්තවාදයක්.

එලෙසම පළමු වරට මෙවැනි චෝදනාවලට මරණ දඬුවම ලබාදෙන්න පුළුවන් බවට මේ පනතේ පෙන්වා දෙනවා. අපි ඉල්ලා සිටින්නේ. මේ අවස්ථාවේදී රට ගැන කැක්කුමක් තියෙන සියලු දෙනා එකතුවෙලා යෝජිත ත්‍රස්ත විරෝධි පනත පරාජය කරන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *