වැඩි වැටුප් ලබන අයට වැඩිපුර බදු ගසනු…! වක්‍ර බදු අඩුකර ජනතාවට සහන දෙනු…! – රවී කුමුදේශ්…

January 21, 2023 at 7:51 am | by emanisa.lk

රටේ වැඩි වැටුප් ලබන අයගෙන් වැඩිපුර බදු අයකළ යුතු යැයි වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

වැඩිපුර වැටුප් ලබන පිරිස් රටේ සම්පත් වැඩි ප්‍රමාණයක් භුක්ති විඳි බවත්, ඔවුන්ගෙන් එය අයකර ගෙන සාමාන්‍ය ජනතාවට ලබාදීම මේ අවස්ථාවේ රටක් වශයෙන් කළයුතු බවත් හෙතෙම කීය.

මේ අවස්ථාවේ සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබෙන ලෙස බැංකු පොලිය අඩු කිරීම, වැට් බදු අඩු කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම වැනි දේ සිදුවිය යුතු බවත් ඔහු කීය.

රට මේ තත්ත්වයට පත් වූයේ රටේ සම්පත් විනිවිද භාවයකින් තොරව සුළු පිරිසකට වැඩිපුර ලබාදීම නිසා බවත්, එය ඔවුන්ගෙන් නැවත අයකර ගෙන සාමාන්‍ය ජනතාවට සහන දීමට උත්සාහ කරන අවස්ථාවේ එයට එරෙහිව විරෝධතා දැක්වීමට තම සංගමය කටයුතු නොකරන බවත් කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *