වැඩි වැටුප් ඉල්ලා ගුරු සංගම් 30ක් අද කොළඹ වටලයි…..!

July 22, 2021 at 9:05 am | by emanisa.lk

වසර ගණනක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති තිහක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද (22) උදේ 10ට උද්ඝෝෂණයක් පැවැත්වේ.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව ඇතුළු වෘත්තීය සමිති තිහක් මෙම උද්ඝෝෂණයට එක් වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.

මෙම උද්ඝෝෂණයෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් ගොස් එහි දී ද විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් සමග පෙරේදා (20) පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වීම නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *