වාහනයකින් ටොයෝටා සමාගම මෙන් දෙතුන් ගුණයක් ලාභ ලබන ලංකාව ගැන ජපානය මවිත වෙයි!

March 16, 2019 at 12:53 pm | by admin

ජපානයේ වාහන නිෂ්පාදන සමාගම් විසින් වාහන නිෂ්පාදනය කර නියම කරන මිල මෙන් දෙතුන් ගුණයක් ලංකාවේ ආණ්ඩුව විසින් එම වාහන සදහා බදු ගසන බව වත්තල පිහිටි ටොයොටා ශාඛාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව කිසිදු නිෂ්පාදනයක් නොකර ලංකාවේ ආණ්ඩුව විසින් ජපානයේ නිෂ්පාදිත සමාගම මෙන් දෙතුන් ගුණයක ලාබයක් උපයන බවද ඔහු පෙන්වා දුන්නේය.

වාහන සඳහා මෙතරම් බදු අය කරන ලොව වෙනත් රටක් ඇත්දැයි සිතාගත නොහැකි බවත් ඔහු කියා සිටියි.

මෑතකදී තමන් ජපානයට ගිය අවස්ථාවක ටොයොටා සමාගමේ ඉහල නිලධාරියෙකුට මේ ගැන පැවසූ විට ඔහු මවිතයට පත් වූ බවත් හෙතෙම සඳහන් කළේය.

සමන්ත රාජපක්ෂ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *