ව්‍යාපාරිකයන් අතුරුදන් කළැයි දකුණු පළාත් පොලිස් ලොක්කෙක් දැලේ!

February 19, 2019 at 3:01 am | by admin

රත්ගම ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා ඊයේ (18 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 27 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා නිශාන්ත සිල්වා මහතා ඊයේ සවස කැඳවා තිබූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරන ලදී.

එම ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම තරුණයන් අතුරුදන් කිරීමේ චෝදනාව මත ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මේ දෙදෙනා පැහැරගෙන ගිය බව කියන වෑන් රථය සහ එහි හිමිකරුද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

මේ අතර විමර්ශන කටයුතු අවසන් වනතුරු දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *