වහා ම ජනතාව කබලෙන් ළිපට දමන ගිනි පොළිය අඩු කරනු…! නැත්නම් මහ බැංකු අධිපතිගේ ගෙදර එඩ්ඩ්‍රස් එක ජනතාවට දෙනු…! – වජිර…

November 18, 2022 at 11:55 am | by emanisa.lk

රටේ පොලී අනුපාත මේ ආකාරයට ඉහළ දැමුවහොත් ව්‍යාපාර විනාශ වී ජනතාව ණයකරුවන් බවට පත්ව දුප්පතුන් වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

රටේ මූල්‍ය බලය ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට හිමිවුව ද මහ බැංකුව අත්තනෝමතික ලෙස කටයුතු කරමින් පොලී මුදල් ඉහළ දමා ඇති බවටයි, ඔහු චෝදනා කළේ.

එලෙස ජනතාව නැවත පීඩාවට පත් කළහොත් නැවත මහජන නියෝජිතයින්ගේ නිවාස ගිනි තබනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවූයේ ය.

එහෙයින් වහාම පාර්ලිමේන්තුව මැදිහත් වී මෙම තත්ත්වය පාලනය කළ යුතු බවත් නොඑසේ නම් පොලී ඉහළ දමන අය ජනතාවට ඔවුන්ගේ ගෙවල්වල ලිපින ලබා දිය යුතු බවත් වජිර අබේවර්ධන වැඩි දුරටත් පැවසීය.

අයවැව විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *