වසන්ත නිදහස් කිරීමට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්…!

February 2, 2023 at 8:10 pm | by emanisa.lk

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමේ තීන්දුවට එරෙහිව නිතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට ලබන සතියේ අභියාචනයක් ඉදිරිපත් කරන බව වාර්තා වෙයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දුන් එම නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස පොලිස් මුලස්ථානය අද (02) කරන ලද ඉල්ලීමක් අනුව මෙම අභියාචනය ඉදිරිපත් කරනු ඇත.

එම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 80303/01/22 යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර, එම පනත ප්‍රකාරව සැකකරුට එරෙහිව කිසිදු වරදක් අනාවරණය නොවන බවට තීන්දු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉකුත් 31 වැනිදා වසන්ත මුදලිගේ නිදහස් කරමින් නියෝගයක් නිකුත් කළේය.

මේ අතර අද (02) මාධ්‍ය හමුවක් කැඳවමින් වසන්ත මුදලිගේ චෝදනා කළේ, උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සැලසුම්සහගත ලෙස තමා ඝාතනයට උත්සාහ කළ බවටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *