වර්ජිත රේගු නිලධාරීන් ජනපති හමුවට!

January 31, 2019 at 7:49 am | by admin

අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති රේගු වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින් අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාව ලබාදී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ශ්‍රි ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිබාහිර අයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් රේගු වෘත්තිය සමිති සන්ධානය ඊයේ (30) පස්වරුවේ සිට මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතව සිටිති.

මේ අතර හිටපු හමුදා නිලධාරියකු එම ධුරයට පත් කළේ මත් ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට හිටපු රේගු අධ්‍යක්ෂවරිය අසමත් වූ නිසා යැයි වාර්තා පළ වී තිබේ. 2005 වසරේ සිට දේශපාලන උවමනා පදනම් කරගෙන රේගු අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකු පත් කර ඇතැයි පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *