වර්ජිත දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් සේවයෙන් නෙරපයි..!

July 10, 2024 at 3:12 pm | by emanisa.lk

අද (10) පස්වරු 12.00 ට පෙර සේවයට වාර්තා කර නොමැති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානධිපතිවරුන්ගේ සහ දුම්රිය පාලකවරුන්ගේ සේවය අවසන් කරමින් ලිපි නිකුත් කිරීමට උපදෙස් ලබාදුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කර ඇති හෙයින් වර්ජන ක්‍රියාමාර්ග ගත නොහැකි අතර අද (10) දහවල් 12ට පෙර සේවයට වාර්තා කරන ලෙස ඔවුන්ට මෙයට පෙර ලිඛිතව දැනුම් දී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *