වර්ජනයෙන් දුම්රිය නවතී.. මගී ජනතාව අනාථයි…!

July 10, 2024 at 10:03 am | by emanisa.lk

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනයෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත් විය.

කොළඹ කොටුව දක්වා දුම්රිය කිහිපයක් ධාවන කිරීමට පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එය උපයෝගී කරගනිමින් ලංගම බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කොට ඇති නිසා මෙම වර්ජන ක්‍රියාමාර්ග නීති විරෝධී යැයි බලධාරීහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *