ලොස් ඇන්ජලිස් කොන්සල් ජනරාල්ගේ ගැහිලි මෙන්න! ආණ්ඩුවේ වාහන තමන්ගේ නමට ලීස් කරලා!

April 16, 2019 at 9:21 pm | by admin

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරන ස්වර්ණා ගුණරත්න සිදු කළ මහ පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අප වෙත ලැබී තිබේ.

කොන්සල් ජනරාල් කාර්යාලය සඳහා 2015 වසරේ වෑන් රථයක් සහ අධික මිලට විකිණෙන BMW රථයක් ලීසිං පදනම යටතේ මිලට ගෙන තිබේ. මෙම BMW රථය ලීසිං කර ඇත්තේ රජයේ නමට නොව ස්වර්ණා ගුණරත්නගේ පෞද්ගලික නමටය. ඒ ලීසිං කාලය වන වසර දෙක ඉක්ම වූ පසු වාහනය තමා සතු කර ගැනීමටය.

එසේම මෙම රථය මිලට ගන්නා විට සිය පුතාට ද අලුත් වාහනයක් මිලට ගෙන ඇති අතර ඒ ඉතාම අඩු මිලකටය. එසේ අඩු මිලකට දෙවෙනි රථය මිලට ගත හැකි වී ඇත්තේ මුල් රථයට වැඩි මුදලක් ගෙවූ නිසාවෙනි.

ස්වර්ණා ගුණරත්න යනු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ වැඩි මහල් සොහොයුරියයි. මේ වන විට භාරත ලක්ෂ්මන්ගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරයි. ස්වර්ණා ගුණරත්න හිරුණිකාගේ නැන්දාය.

2013 වසරේ කොටි සමග ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ගොස් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර දුමින්ද සිල්වා සමග ගැටී මිය යාම දේශපාලන ඝාතනයක් ලෙස හුවා දක්වා රට අපකීර්තියට පත් කළ මෙම තැනැත්තියට ඊට කෘතගුණ සැලකීම පිණිස ලැබුණේ මෙම කොන්සල් ජනරාල් තනතුරය. පසුගියදා ඇමරිකාවේ දී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීම පිටුපස සිටින්නේ ද මෙම නැතැත්තිය බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *