ලේඛකාධිකාරිගේ ගෙදර වැඩට විශ්වවිද්‍යාල සේවකයින් සහ උපකරණ යවලා..! ලේඛකාධීකාරි ඇතුළු තුනකගේ වැඩ තහනම්…!

October 4, 2021 at 9:34 am | by emanisa.lk

පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගේ නිවසේ අලුත්වැඩියාවකට සේවක පිරිසක් යොදා ගත්තැයි කියන සිද්ධියට අදාළව තවත් නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවත් කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසයි.

විශ්ව විද්‍යාලයේ පාලක සභාව ගත් තීරණයකට අනුව මෙසේ සේවයෙන් ඉවත් කර ඇත්තේ පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා සහ වැඩ අධිකාරිවරයා ය.

මෙම සිද්ධියට අදාළව පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාගේ සේවය අත්හිටවූයේ ඉකුත් 30 වැනිදාය.

ලේඛකාධිකාරීවරයාගේ නිවස අලුත්වැඩියාව සඳහා රාජකාරි වේලාවේදී විශ්වවිද්‍යාල සේවක පිරිසක් යොදා ගැනීම, ඒ සදහා විශ්වවිද්‍යාල වැඩ දෙපාර්තමේන්තුවට අයත් උපකරණ තොගයක් අනුමැතියකින් තොරව ලබා ගැනීම යන චෝදනා මත සිදුකරන ලද පරීක්ෂණයට අනුව මෙම නිලධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *