ලෙඩා මළත් බඩ සුද්දයි! බදූර්දීන්ගේ වන සංහාරය සහ අනවසර ඉදිකිරීම් වළක්වන පෙත්සම මාස තුනකින් විභාගයට ගනී!

March 22, 2019 at 2:57 pm | by admin

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපය අඛණ්ඩව එළිකොට අනවසර ඉදිකිරීම් සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු ගොනු කර ඇති පෙත්සම ජුනි මස 28 වනදා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (22) දින නියම කර ඇත.

එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ 4 වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින අමාත්‍ය රිෂාද් බදූර්දීන් විසින් මෙම රක්ෂිත වනාන්තර කලාපය අඛණ්ඩව හෙළි කරමින් සිටින බව දැනුම් දුන්නේය.

මේ හේතුවෙන් මෙම පෙත්සම කඩිනමින් විභාගය සඳහා දිනයක් නියම කර ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම් විභාගය ජුනි මස 28 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය දින නියම කළේය. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පරිසරවේදියකු වන මලින්ද සෙනෙවිරත්න සහ නාගානන්ද කොඩිතුවක්කු යන අය විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *