ලාල්කාන්තගේ වර්ජන බැරි කතාව අදාළ නෑ..! ආණ්ඩුව ඉල්ලන්නේ වර්ජනයක් නම් අපි සූදානම්..,! – වසන්ත සමරසිංහ…

April 3, 2023 at 7:42 pm | by emanisa.lk

රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට එරෙහිව සියලු වෘත්තීය සමිති එක්ව හෙට (04) කොළඹ දී දැවැන්ත විරෝධතාවක් සිදුකරන බව ජාතික ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ වසන්ත සමරසිංහ සඳහන් කළේ, මෙම විරෝධතාව සඳහා දස දහසකට අධික පිරිසක් කොළඹට කැඳවන බවයි.

ආණ්ඩුව ඉල්ලන්නේ වැඩවර්ජන නම් ඒ සඳහා ද තමන් සූදානම් බවත් ලාල් කාන්ත අඛණ්ඩ වර්ජනවලට සහාය නොදෙන බව කීව ද ජනතා හඬට කන් නොදෙන්නේ නම් ඊට පිළිතුරු දීමට තමන් සූදානම් බවත් වසන්ත සමරසිංහ අවධාරණය කළේය.

අද (03) කොළඹ දී ටෙලිකොම් සේවක විරෝධතාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *