ලබන අවුරුද්දේ පාර්ලිමේන්තුව විසිරුවනු…! – ලංකා සභාව…

November 25, 2022 at 6:51 pm | by emanisa.lk

ව්‍යවස්ථානුකූලව හැකි වූ විගස ලබන වසරේ මුල් භාගයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කරන බව ලංකා සභාවේ කොළඹ දියෝකිසිය පවසයි.

එවිට තමන්ගේ අවශ්‍යතාවන් පිළිබිඹු කළ හැකි අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට ජනතාවට හැකි වනු ඇතැයි එම දියෝකිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ආරක්ෂක වියදම් ඉහළ දැමීම, හමුදාව ජනතාවගේ ඉඩම්වලින් ඉවත් කර නොගැනීම ආදිය ද එමගින් විවේචනය කර තිබේ.

දේශපාලනික වෙනසක් වෙනුවෙන් නායකත්වය දෙමින් සිටින තරුණ අරගලකරුවන්, සිවිල් සමාජ කණ්ඩායම්, ආගමික නායකයන් ඇතුළු පිරිස් මෙන්ම නීතීඥ සංගමය අගය කරන අතර, ඔවුන් ඉදිරි කාලයේදී සිදුකරන වැදගත් කටයුතුවල දී කොළඹ දියෝකිසියේ සහය ලබාදෙන බව ද දුෂාන්ත රුද්‍රිගු එහි කොළඹ රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *