ලක්ෂ 05ක් අරන් පොඩි ලැසීට දුරකතන පහසුකම් දීලා! CID කොස්තාපල් අත්අඩංගුවට!

November 26, 2020 at 1:14 pm | by emanisa.lk

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර කොස්තාපල්වරයා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදල් ලබාගෙන ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

කොස්තාපල්වරයා එම මුදලින් ලබා ගත් බව කියන රන් මාලයක් හා දුරකථන පහසුකම් සැපයීමට යොදාගත් ජංගම දුරකථනයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන පොඩි ලැසි නැමැත්තාට සැකකාර කොස්තාපල්වරයා විසින් අවස්ථා ගණනාවක දී දුරකථන පහසුකම් සපයා ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් ලද රහසිගත තොරතුරකට පසු සිදුකළ විශේෂ විමර්ශනයකය දී ඒ බව සනාථ වී ඇත.

38 හැවිරිදි කොස්තාපල්වරයා කහටගස්දිගිලිය පදිංචිකරුවෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස