ලක්ෂ ගණන් පඩි ගන්න අයට බදු සහන බෑ..! බදු කැපුවොත් බිලියන 163ක් අහිමි වෙනවා..! – ජනපති…

February 8, 2023 at 10:39 am | by emanisa.lk

උපයන විට බදු අහෝසි කළොත් රුපියල් බිලියන එකසිය හැට තුනක් රටට අහිමි වන බවත් මේ අවස්ථාවේ එය කරන්නට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.

“මට අවශ්‍ය ජනප්‍රිය වන්න නොවේ. රට වැටී ඇති තත්වයෙන් ගොඩ එන්නයි. මා රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. එහි සත්‍ය තත්ත්වය තව වසර දෙක තුනකින් ජනතාවට තේරේවී.

අප බදු පැනවූයේ කැමැත්තෙන් නොවේ.අප කැමති කැමැති වූ දේ කළ පමණින් රට ගොඩනගන්නට බැහැ. උපයන විට බද්ධ අහෝසි කළ හොත් රටට බිලියන සීයක් අහෝසි වෙනවා. අහිමි වන සම්පුර්ණ මුදල රුපියල් බිලියන එකසිය හැට තුනක් වෙනවා. මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක අපි නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *