ලංගම සභාපතිට ගෙදර යන්න වුණ හේතුව මෙන්න…!

December 7, 2022 at 9:38 am | by emanisa.lk

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවකට වහාම ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුම් දී තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙන රථ වාහන හිමියන් වෙනුවෙන් මාකුඹුර අධිවේගී බස් නැවතුමෙහි ආරම්භ කළ පාක් ඇන්ඩ් රයිඩ් සිටි ව්‍යාපෘතිය පාඩු බව පවසා නවතා දැමීමය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ ආරම්භ කළ එම ව්‍යාපෘතිය කොවිඩ් වසංගත තත්ත්වය නිසා නවතා දැමිණි. අනතුරුව එය නැවත ආරම්භ කළේ බන්දුල ගුණවර්ධන විසිනි.

ලංගම සභාපතිවරයා එම ව්‍යාපෘතිය මගින් පාඩු බව ප්‍රකාශ කරමින් නවතා දැමීමට කටයුතු කර තිබේ. පාක් ඇන්ඩ් රයිඩ් සිටි ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණ කොළඹට ඇතුළු වන වාහන ප්‍රමාණය සීමා කර මාර්ග තදබදය අවම කිරීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *