ලංකාව ඩෙංගුවලින් කප් ගහයි..! ලොව මුල් රටවල් 30 අතරට එයි..!

December 27, 2023 at 10:44 am | by emanisa.lk

ලොව ඉහළ ම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බව ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය හා තායිලන්තය යන ආසියාතික රටවල් ද මේ අතරට අයත් වෙයි.

වසර 2000 සිට 2019 දක්වා ගත වූ වසර 19 ක කාලය තුළ ලොව පුරා රටවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂයේ සිට මිලියන 5.2 ක් දක්වා දස ගුණයක වැඩි වීමක් පෙන්නුම් කරන අතර 2019 වසර වන විට ලොව පුරා රටවල් 129 ක ඩෙංගු රෝගය පැතිර ගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *