ලංකාවේ නිෂ්පාදිත වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි. අදාළ අංක තහඩුව වේගා මෝටර් රථයේ නිර්මාතෘ හර්ෂ සුබසිංහට පිරිනැමිණි.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ ද එක්විය.