ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය දූෂිතයි..! කවුද හොරා කියල හොයන්න බෑ…! – මෛත්‍රී…

November 29, 2022 at 2:43 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය අන්ත දූෂිත බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

පාර්ලිමේන්තුවේ දී අද (29) හෙතෙම මේ බව පැවසීය.

“ටෙන්ඩර් හරහා ඇමැතිවරුන් හොරකම් කරනවා ද දේශපාලනඥයන් හොරකම් කරනවා ද රාජ්‍ය නිලධාරීන් හොරකම් කරනවාද ජාවාරම්කාරයන් බිස්නස් කාරයන් මේ අස්සට රිංගලා හොරකම් කරනවාද කියල අපි දන්නෙ නැහැ” යැයි ද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි මිල ගැනීම්ද ඇඟට ගුණ නැතැයි හිටපු ජනාධිපතිවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *