ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගෙන් 96%කට ම ඩෙල්ටා ප්‍රභේදය…!

September 10, 2021 at 11:56 am | by emanisa.lk

මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 95.8 කගේම ශරීරවල ඇත්තේ මාරාන්තික ඩෙල්ටා සැර කොරොනා වෛරස ප්‍රභේදය බව පෙනී යන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මේ අතර මෙරටින් මේ දක්වා සොයා ගෙන ඇති ඩෙල්ටා සැර වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අද (10) වන විට 359ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

රට පුරා කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල පිළිබඳව පැවැත්වූ ජාන විශ්ලේෂණ පරීක්ෂණයේ අලුත්ම වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (10) බාරදුන් අතර එම තොරතුරු සඳහන් වී ඇත්තේ මෙම වාර්තාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *