රෝහල් සේවක වර්ජනය යළි හෙට…! රෝහල් ප්‍රතිකාර කටයුතු අඩාල වන ලකුණු…!

February 12, 2024 at 6:03 pm | by emanisa.lk

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 72ක් හෙට (13) උදෑසන 6.30 සිට යළිත් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

අද (12) උදෑසන මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර රැස්වූ සෞඛ්‍ය වෘත්තී සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72ට අයත් නායකයන් ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා යුක්තිය ඉටු කිරීමට තරම් ප්‍රමාණවත් බලයක් පත් කළ කමිටුවට නොමැති බවත් ගැටලුව විසදීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *